එජාපෙ ජනාධිපති අපේක්ෂක පිළිබඳ ඉඟියක් (වීඩියෝ)

මාර් 09, 2019

    එළඹෙන ජනාධිපතිවරණය සඳහා එකසත් ජාතික පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයෙකු නම් කර ඇති බව අමාත්‍ය මනෝ ගනේෂන් මහතා පවසයි.

    අමාත්‍යවරයා මේ බව පැවසූවේ අද(07) කොළඹ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍යවේදීන් හමුවූ අවස්ථාවේදීය.
    අමාත්‍ය මනෝ ගනේෂන්....
    "අපේම නායකයෙක් ඉන්නවා, නම කියන්න බෑ.. කියන්න ඕන නෑනේ.. අපිට කලබලයක් නෑ.. නමුත් අපි ලෑස්තිවෙලා ඉන්නවා. දැන් නම් සඳහන් වෙනවානේ රනිල් වික්‍රමසිංහ මහතා, කරූ ජයසූරිය මහතා, සජිත් ප්‍රේමදාස මහතා කියලා මට එකක් කියන්න පුළුවන් මනෝ ගනේෂන් එතන නැහැ. මම වගකීමෙන් කියනවා දැනට එක්සත් ජාතික පක්ෂයේ ඉන්න සෙසු පක්ෂ ඔක්කොම තීරණය කරලා ඉවරයි කව්ද එක්සත් ජාතික පෙරමුණේ මීලඟ අපේක්ෂකයා කියලා." යැයි අදහස් දැක්වීය.

    Last modified on සෙනසුරාදා, 09 මාර්තු 2019 15:07

    Latest News