උතුර හා නැඟෙනහිර ප්‍රදීපාගාර හයක් ප්‍රතිසංස්කරණයට

මාර් 09, 2019

    උතුර හා නැඟෙනහිර ප්‍රදීපාගාර හයක ප්‍රතිසංස්කරණ කටයුතු සම්බන්ධයෙන් වැඩපිළිවෙලක් ක්‍රියාත්මක බව වරාය හා නාවික කටයුතු සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මහතා අද (9) පාර්ලිමේන්තුවේ දී පැවසී ය.

    සාම්පූර්, පුන්කුඩුතිව් ප්‍රදීපාගර අලුත්වැඩියා කිරීමට පියවර ගැනේ. පේදුරුතුඩුව,කෝකිලායි, මඩකළපුව ප්‍රදීපාගාර ප්‍රතිසංස්කාරණය කටයුතු සිදු කෙරේ. මේ වසර අවසන්වීමට පෙර ප්‍රදීපාගාර ප්‍රතිසංස්කරණ සිදු කර අවසන් කරන බවද අමාත්‍යවරයා කීය.

    Latest News