බෝට්ටුවක් පෙරලීමෙන් අයෙක් මරුට...

මැයි 28, 2022

    බෝට්ටුවක් පෙරලීමෙන් පුද්ගලයෙකු මියගොස් තිබෙනවා.  

    ඊයේ (27) උදෑසන කාලයේදී කාත්තන්කුඩි පොලිස් වසමේ පාලමුණ ප්‍රදේශයේ ධීවර කටයුතු සඳහා කුඩා බෝට්ටුවකින් දියඹට ගොස් සිටියදී බෝට්ටුව පෙරලීමෙන් එහි සිටි පුදගලයින් තිදෙනෙකුගෙන් එක් අයෙකු දියේ ගිලී මියගොස් ඇති බවට කාත්තන්කුඩි පොලිසිය පවසනවා. මෘත ශරීරය මඩකලපුව රෝහලේ තැන්පත් කර ඇති අතර දියේ ගිලුණු අනෙක් පුද්ගලයින් දෙදෙනා පිහිනා වෙරළට පැමිණ තිබෙනවා. කාත්තන්කුඩි පොලිසිය වැඩිදුර විමර්ශන මෙහෙයවනු ලබයි.

    Latest News