පිහි ඇනුමකින් අයෙක් මරුට...

මැයි 28, 2022

    ඊයේ රාත්‍රියේ කැකිරාව පොලිස් වසමේ උඩ කොරසගල්ල, ප්‍රදේශයේ දී පිහියකින් ඇන පුද්ගලයෙකු ඝාතනය කර ඇති බව කැකිරාව පොලිසිය පවසනවා.

    මරණකරු වයස අවුරුදු 45ක් වූ එම ප්‍රදේශයේම පදිංචිකරුවෙක්. අදාළ මරණකරු තම බිරිඳ සමග නිතර ආරවුල් ඇතිකරගෙන ඇති අතර, මරණකරුගේ බිරිඳ අසල නිවසකට ගොස් සිටියදී එම නිවසට පැමිණ තම බිරිඳට පහරදීම හේතුවෙන් උරණවූ ඇයගේ පියා විසින් පිහියකින් ඇන බරපතල තුවාල ලබා කැකිරාව රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුව මියගොස් ඇත. සිදුවීම පිළිබඳ කැකිරාව පොලිසිය වැඩිදුර විමර්ශන මෙහෙයවයි.

    Latest News