ශෂී වීරවංශට වසර 02ක සිරදඬුවම්....

මැයි 27, 2022

    ශෂී වීරවංශ මහත්මියට වසර 02ක සිර දඬුවම් නියම වුනා.

    අසත්‍ය තොරතුරු ඉදිරිපත් කර අවිධිමත් රාජතාන්ත්‍රික විදේශ බලපත්‍රයක් ලබා ගැනීමේ චෝදනාවලට වරදකාරිය වී දඬුවම් නියම වී සිටින ශෂී වීරවංශ මහත්මිය එම දඬුවමට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කර තිබෙනවා. ඇයගේ නීතිඥවරු විසින් කොළඹ මහාධිකරණයට ඉදිරිපත් කිරීම සඳහා එම අභියාචනය අද (27) දහවල් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට භාර දී තිබේ. ඒ අනුව, අසත්‍ය තොරතුරු ඉදිරිපත් කර අවිධිමත් රාජතාන්ත්‍රික විදේශ ගමන් බලපත්‍රයක් ලබා ගැනීමේ චෝදනාවට වරදකරු කෙරුණු ශෂී වීරවංශ මහත්මියට කොළඹ පූර්වගාමී ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා විසින් බරපතළ වැඩ සහිත වසර දෙකක සිර දඬුවම් සහ රුපියල් ලක්ෂයක දඩයක් නියම කළා. එම දඬුවමින් තමන්ව නිදොස් කොට නිදහස් කරන ලෙස ඉල්ලමිනුයි ඇය සිය නීතිඥවරුන් මාර්ගයෙන් මෙම අභියාචනය ඉදිරිපත් කර තිබු‍ණේ.

    Latest News