සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ සේවා යළි ආරම්භ කරන බවට විෂය භාර ඇමති පවසයි (වීඩියෝ)

මැයි 27, 2022
  • සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ සේවා යළි ආරම්භ කරන බව, අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසනවා.

    ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් ඔහු සඳහන් කර ඇත්තේ, ඉදිරි දින 6 ඇතුළත එහි ඉන්ධන නිෂ්පාදනය ආරම්භ කරන බවයි. ඊයේ වන විට මෙරට සතුව පැවති ඉන්ධන ප්‍රමාණය පිළිබඳවද එම නිවේදනයේ සඳහන්. ඩීසල් මෙට්‍රික් ටොන් 23,022ක්, සුපර් ඩීසල් මෙට්‍රික්ටොන් 2,588ක්, ඔක්ටේන් 92 පෙට්‍රල් මෙට්‍රික්ටොන් 39,968ක්, ඔක්ටේන් 95 පෙට්‍රල් මෙට්‍රික්ටොන් 7,112ක් සහ ගුවන් යානා ඉන්ධන මෙට්‍රික්ටොන් 3,578ක් ඊට ඇතුලත්.

    Latest News