පොලිස්පති අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට...

මැයි 21, 2022

    අරලියගහ මන්දිරය ඉදිරිපිට සහ ගාලුමුවදොර පසුගිය 09වැනිදා ඇතිවූ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සඳහා පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතා අද (21) පස්වරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණියා.

    ඒ, එම දෙපාර්තමේන්තුව පොලිස්පතිවරයාට පැමිණෙන ලෙස කළ දැනුම්දීමකට අනුවයි. පොලිස්පතිවරයාට අමතරව විශේෂ බලකායේ අණදෙන නිලධාරියා සහ පොලිස් විශේෂ කාර්ය අංශයේ නියෝජ්‍ය පොලිස්පතිවරයා ද අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා තිබුණා. ගාලුමුවදොර අරගලකරුවන්ට පහරදීමට පැමිණි පිරිසට නිදහසේ එම ස්ථානයට පැමිණීමට ඉඩ ලැබීම සහ එම පිරිස විසුරුවා හැරීමට ගත් උත්සහයක් පැළැක්වීම සම්බන්ධයෙන් පොලිස්පතිවරයා ඇතුළු පිරිසගෙන් ප්‍රකාශ ලබාගත් බවයි, පොලිස් ආරංචි මාර්ග සඳහන් කරන්නේ.

    Latest News