ඩෑන් ප්‍රියසාද් සහ සමන් ලාල් ඇතුළු සැකකරුවන් රිමාන්ඩ්

මැයි 19, 2022

    ගාලු මුවදොර ගෝටා ගෝ ගම සහ කොල්ලුපිටිය මයිනා ගෝ ගම අරගලවලට පහර දීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් මොරටුව නගරාධිපති සමන් ලාල් ප්‍රනාන්දු සහ ඩෑන් ප්‍රියසාද් ඇතුළු සැකකරුවන් 08 දෙනා ලබන 25 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිලින ගමගේ නියම කළා.

    අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මෙම සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කළා.

    ඉන් සැකකරුවන් 4 දෙනෙකු මීළඟ දින හඳුනාගැනීමේ පෙරෙට්ටුවක් සඳහා ඉදිරිපත් කරන ලෙසත් ඔවුන් එදින ආවරණය කර අධිකරණට ඉදිරිපත් කරන නිසාත් මහත් වරයා නියම කළා.

    Latest News