ශ්‍රී ලාංකිකයින් කුසගින්නේ තබන්නේ නැහැ; අගමැති...(වීඩියෝ)

මැයි 14, 2022
  • ශ්‍රී ලාංකිකයින් කුසගින්නේ තැබීමට ඉඩ නොතබන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා පවසනවා.

    BBC මාධ්‍ය ජාලය සමඟ සම්මුඛ සාකච්ජාවකට එක්වෙමින් අග්‍රාමාත්‍යතුමා මේ බව කියා සිටියා. ආර්ථික අර්බුදයට ලබාදෙන විසඳුම් සම්බන්ධයෙන් ද එහිදී අදහස් පළ කෙරුණා. ආහාර හිඟයක් ඇති නොවීමටත්, ආහාර සුරක්‍ෂිතතාව පිළිබඳ වැඩපිළිවෙළක් ඇති කිරීමටත් මෙහිදී අවධානය යොමු වුණා. රනිල් වික්‍රමසිංහ මැතිතුමා කියා සිටියේ, ආහාර සුරක්‍ෂිතතාව සම්බන්ධයෙන් තමා මීට පෙර අග්‍රාමාත්‍ය ධූරය දරන කාලයේදී ද විශේෂ අවධානයක් යොමු කළ බවයි.

    එය අභියෝගයක් වුව ද ඊට මුහුණ දීමට සූදානම් බවයි අග්‍රාමාත්‍යතුමා සඳහන් කළේ. ආර්ථික ගැටලුව විසඳා කුසගින්න පළවා හැරීමට විදෙස් රටවල සහය ලබාගන්නා බවත් මෙහිදී සඳහන් කෙරුණා.

    ඒ අතර, ඉන්දියාව හා ජපානය වැනි රටවලින් සහය ලබා ගන්නා බවත්, එසේ සහය නොලැබුණු අවස්ථාවකදී හෝ ශ්‍රී ලාංකිකයන් කුසගින්නෙන් පෙළෙන්නට ඉඩ නොතබන බවත්, අග්‍රාමාත්‍යවරයා BBC මාධ්‍ය ජාලය හමුවේ ප්‍රකාශ කළා.

    Last modified on සෙනසුරාදා, 14 මැයි 2022 11:53

    Latest News