අධික මිල හේතුවෙන් වෙසක් කූඩු අළෙවියේ අඩුවක්....

මැයි 14, 2022

    මෙවර වෙසක් කුඩු සහ වෙසක් සැරසිලිවල අලෙවියේ ඉතා අඩුවක් ඇති බව වෙසක් කූඩු අලෙවිකරුවන් පවසනවා.

    එයට හේතුව අමුද්‍රව්‍ය මිල ඉහළ යාමනිසා වෙසක් කුඩු සහ ඉටි පන්දම් මිල අධික වීම බවයි එම ව්‍යාපාරිකයන් පවසන්නේ.  ඉකුත් වසරේ කොවිඩ් 19 වසංගත තත්ත්වය හමුවේ වුවද වෙසක් කුඩු සහ සැරසිලි වලට විශාල ඉල්ලුමක් පැවති බවත්, ඉකුත් වසරට සාපෙක්ෂව මේ වසරේ වෙසක් කුඩු සහ සැරසිලි , ඉටිපන්දම්වල මිල අධික විම හමුවේ තම ව්‍යාපාරික කටයුතු අඩාල වි ඇති බවයි වෙළෙඳුන් කියා සිටින්නේ.

    වෙසක් කුඩු නිෂ්පාදනය කිරිම සදහා යොදා ගන්නා පාට කඩදාසි ඇතුළු අමුද්‍රව්‍ය රැසකම මිල ඉහල යාම හමුවේ සාමාන්‍ය වෙසක් කුඩුවක් රු 250 සිට රු 350 වැනි මිලකට අලෙවි කිරිමට සිදු වි ඇති බවයි, වෙසක් කුඩු අලෙවිකරුවන් කියා සිටින්නේ.  

    කුඩා ඉටිපන්දමක් රු 20 කටත් , ලොකු ඉටි පන්දමක් රු 75 වැනි මිලකට අලෙවි වන බවත්, පවතින අධික මිල යටතේ වුවද ඉටි පන්දම් වැඩි වශයෙන් අලෙවි වන්නේ විදුලි කප්පාදුව හේතුවෙන් බවත් ඉටි පන්දම් අලෙවි කරන ව්‍යාපාරිකයන් කියා සිටිනවා.

    Latest News