අග්‍රාමාත්‍යතුමා ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ වැඳපුදා ගනී....

මැයි 08, 2022

    අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා අද (08) පෙරවරුවේ අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ වැඳපුදා ගත්තා.

    එතුමන් ජය ශ්‍රී මහා බෝධීන්වහන්සේ අභියස ආගමික වතාවත් වලද නිරතවුණා. අනතුරුව රුවන්වැලි මහසෑ  චෛත්‍යාධිකාරී නුවරකලාවීදියේ ප්‍රධාන සංඝනායක පූජ්‍ය පල්ලේගම හේමරතන නා හිමියන් බැහැදැක ආශිර්වාද ලබාගත්තා. ඉන් අනතුරුව රුවන්වැලි මහසෑය අභියස ආගමික වතාවත්වලටද එක්වුණා. ඓතිහාසික මිරිසවැටිය විහාරස්ථානයට ගිය අග්‍රාමාත්‍යතුමා මිරිසවැටිය චෛත්‍යාරාමාධිපති ආචාර්ය පූජ්‍ය ඊතලවැටුනුවැවේ ඥානතිලක නායක ස්වාමීන්වහන්සේ බැහැදැක ආශිර්වාද ලබාගත්තා.

    Latest News