සාපෙළ ලබන 23 ඇරඹේ..අයඳුම්කරුවන්ට දැනුම්දීමක්

මැයි 07, 2022

    අධ්‍යයන පොදු සහතික පත්‍ර ‍සාමාන්‍ය පෙළ විභාගය ලබන 23 වැනිදා සිට ජුනි 01 වැනිදා දක්වා පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර ඇති බව විභාග කොමසාරිස් ජනරාල් එල්.එම්.ඩී.ධර්මසේන මහතා පවසයි.

    ඒ අනූව පාසල් අයඳුම්කරුවන්ගේ විභාග ප්‍රවේශ පත්‍ර හා කාල සටහන් අදාළ විදුලහල්පතිවරුන් වෙත ද පෞද්ගලික අයඳුම්කරුවන්ගේ ප්‍රවේශ පත්‍ර ඔවුන් තම අයඳුම් පතෙහි සදහන් කර ඇති ලිපිනයට ද තැපැල් මගින් යොමු කෙරෙනු ඇති.

    2022 මැයි මස 12 වැනි දිනට පෙර විභාග ‍ප්‍රවේශ පත්‍ර නොලැබුණු පාසල් හා පෞද්ගලික අයඳුම්කරුවන් විභාග දෙපාර්තමේන්තුව ඇමතියි යුතුයි.

    ප්‍රවේශ පත්‍රයේ ඉල්ලුම් කර ඇති විෂයන්හි, මාධ්‍යයෙහි හා නමෙහි යම් වෙනසක් වෙතොත් අදාළ සං‍ශෝධන ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ www.doenets.lk නිල වෙබ් අඩවිය වෙත පිවිස මාර්ගගතව සිදුකර ගැනීම සදහා මැයි මස 14 වැනි දින මධ්‍යම රාත්‍රී 12.00 දක්වා අවස්ථාව සළසා තිබේ.

    ඒ අනූව පාසල් අයඳුම්කරුවන් තම විදුහල්පති මගින් ද පෞද්ගලික අයඳුම්කරුවන් තමා විසින්ම ද අදාළ සංශෝධන සිදුකළ යුතුයි.

    විභාග කාල සටහන ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවියේ පළකර ති‍බේ. අයදුම්කරුවන්ට යම් ගැටලුවක් ඇත්නම් පාසල් විභාග සංවිධාන හා ප්‍රතිඵල ශාඛාව - 011-2784208/011-2784537/011-3188350/011-3140314 හා ක්ෂණික ඇමතුම් අංකය 1911 ඇමතීමෙන් සම්බන්ධ විය හැකියි.

    Last modified on සෙනසුරාදා, 07 මැයි 2022 10:57

    Latest News