සාමාන්‍ය පෙළ විභාගය අද ඇරඹේ

මැයි 23, 2022

    අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය අද (23) ආරම්භ වෙයි.

    ඒ අනුව අද (23) සිට ජුනි 01 වැනිදා දක්වා විභාගය පැවැත්වෙන බවයි විභාග කොමසාරිස් ජනරාල් එල්.එම්.ඩී. ධර්මසේන පවසයි.

    මෙවර සාමාන්‍ය පෙළ විභාගය සඳහා පාසල් සහ බාහිර අයදුම්කරුවන් 517,469 දෙනෙකු පෙනී සිටිමීට නියමිත අතර ඒ සඳහා විභාග මධ්‍යස්ථාන 3,844 ක් සූදානම් කර ඇති බවද විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

    විභාගය සඳහා පෙනී සිටින සිසු සිසුවියන් කල්වේලා ඇතිව විභාග ශාලාව වෙත පැමිණිය යුතුයි අතර විභාග ප්‍රවේශ පත්‍රය , ජාතික හැඳුනුම්පත රැගෙන පැමිණීම අනිවාර්ය වෙයි.

    Latest News