රේගුවේ අකුරට වැඩ නිසා; පිටකොටුවේ හර්තාල්(ඡායාරූප)

පෙබ 05, 2019

    පිටකොටුව ප්‍රදේශයේ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන් හා තොග වෙළෙදුන් සිය ව්‍යාපාර වසාදමා අද විරෝධතාවක නිරතව සිට ව්‍යාපාර වසා දමා අද විරෝධතාවක නිරතව සිටියි.

    රේගු වෘත්තිය ක්‍රියා මාර්ගය හේතුවෙන් තමන්ට විශාල පාඩුවක් සිදුවන බවත්, ඊට කඩිනම් විසඳුමක් ලබාදෙන ලෙසයි, ඔවුන් ඉල්ලා සිටින්නේ. අද උදෑසන සිට ඔවුන් සිය ව්‍යාපාර ස්ථාන වසාදමා ඇති අයුරු දක්නට ලැබිණ.

    පිටකොටුව 4 වන සහ 5 වන හරස් වීථිවල ව්‍යාපාරික ස්ථානයි, මෙලෙස වසා දමා ඇත්තේ. මේ අතර, රේගු නිලධාරීන් ආරම්භ කර ඇති අකුරට වැඩ කිරීමේ වෘත්තිය ක්‍රියාමාර්ගයකට විසදුම් ලබා දීමේ අරමුණෙන් මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා සහ හිටපු රේගු අධ්‍යක්ෂ ජනරාල් සී.එස්.එම්. චාල්ස් මහත්මිය අතර තීරණාත්මක සාකච්ජාවක් අද (05) පෙරවරුවේ පැවැත්වේ.

    ඉකුත් 30 වැනි දා ආරම්භ කළ අකුරට වැඩකිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයට අදට දින 7ක් ගත වී තිබේ.

     

    34400

    hatthal9

    harthal1

    466

     

    Last modified on අඟහරුවාදා, 05 පෙබරවාරි 2019 10:17

    Latest News