අභාවප්‍රාප්ත විල්සන් කරුණාරත්න මහතාගේ අවමංගල්‍ය අද සවස

මැයි 04, 2022

    අභාවප්‍රාප්ත ප්‍රවීණ රංගන ශිල්පී විල්සන් කරුණාරත්න මහතාගේ අවමංගල්‍ය කිරුළපන පූර්වාරාම පොදු සුසාන භූමියේ දී අද සවස සිදු කෙරේ.

    මියයන විට ඔහු පසු වූයේ 79 වැනි වියේ. 1942 ඔක්තෝබර් 28 වැනි දින උපත ලැබූ විල්සන් කරුණාරත්න මහතා 1974 වසරේ දී සිය සිනමා දිවිය ආරම්භ කළේ හදවත් නැත්තෝ චිත්‍රපටයෙන්.

    සිනමාවේදී දුෂ්ඨයා චරිතය වැඩි වාර සංඛ්‍යාවක් රඟපා ඇති ඔහු සටන් නළුවෙකු ලෙස ඉමහත් ජනප්‍රියත්වයක් අත්කර ගෙන සිටියේය. 70, 80 සහ 90 දශකයන් හි සිංහල සිනමාවට නැතුවම බැරි සටන් නළුවා වූයේ විල්සන් කරුණාරත්නයි.

    හදවත් නැත්තෝ, ජීවන ගංගා, සරදියල්ගේ පුතා, කෝ හතුරෝ ඇතුලු ජනප්‍රිය චිත්‍රපට රැසකට ඔහු සිය රංගන දායකත්වය ලබා දුන්නේය. අභාවප්‍රාප්ත විල්සන් කරුණාරත්න මහතාගේ දේහය, බොරැල්ල පෞද්ගලික මල්ශාලාවක තැන්පත් කර තිබේ.

    Latest News