රාජ්‍ය, අර්ධ රාජ්‍ය හා පෞද්ගලික අංශයේ වෘත්තිය සමිති රැසක් දීපව්‍යාප්ත වැඩ වර්ජනයක

අප්‍රේ 28, 2022

    රාජ්‍ය, අර්ධ රාජ්‍ය හා පෞද්ගලික අංශයේ වෘත්තීය සමිති දීප ව්‍යාප්ත එක් දින වැඩ වර්ජනයක් ආරම්භ කර තිබේ.

    කෙසේ වුවද වරාය, ගුවන්තොටුපොළ හා බස් රථ ගමනා ගමනයට එමගින් බාධාවක් නොමැති බවයි වාර්තා වන්නේ.

    රාජ්‍ය සේවයේ වෘත්තීය සමිති ආරම්භ කර ඇති වැඩවර්ජනයට සහය පළ කරමින් කොළඹ - පිටකොටුව තොග වෙළදසැල් මෙන්ම බොහෝ ව්‍යාපාර ස්ථාන ද වසා දමා තිබේ.

    කොළඹ හා තදාසන්න ප්‍රදේශ ආශ්‍රිත පාසල්වල ගුරුවරුන් හා අනධ්‍යයන කාර්ය මණ්ඩල සේවයට වාර්තා නොකිරීම හේතුවෙන් පාසල් සිසුන්ගේ පැමිණීමේ ද අඩුවක් දක්නට ලැබේ.

    කෙසේ වුවද දුර බැහැර හා ග්‍රාමීය පාසල්වල ගුරුවරුන් මෙන්ම දරුවන් බොහෝ දෙනෙකු ද පාසල් වෙත පැමිණි බවයි, අප වාර්තාකරුවන් සඳහන් කළේ.‍
    සෞඛ්‍ය ක්‍ෂේත්‍රයේ ඇතැම් වෘත්තීය සමිති වර්ජනයේ නිරත වූවත්, කොළඹ ජාතික රෝහලේ බාහිර රෝගි අංශවල සේවා හා රෝගී සත්කාරක සේවා ක්‍රියාත්මකයි. බෙහෙත් ලබා ගැනීමට පැමිණි රෝගීන්ට බාධාවකින් තොරව ඖෂධ නිකුත් කිරීම සිදු කෙරුණා.

    Latest News