උද්ඝෝෂණයකට එරෙහිව පොලිසියේ ඉල්ලීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි

අප්‍රේ 26, 2022

    කොල්ලුපිටිය අරලියගහ මන්දිරය අසළ සිදුවන උද්ඝෝෂණ ක්‍රියාවලිය වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස පොලිසිය විසින් කරන ලද ඉල්ලීමක් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය ප්‍රතික්ෂේප කර තිබේ.

    කොල්ලුපිටිය පොලිසිය විසින් මෙම ඉල්ලීම කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂණ කැකුනවල මහතා හමුවට ඉදිරිපත් කෙරිණ.

    ඉල්ලීම ප්‍රතික්ෂේප කරමින් මහේස්ත්‍රාත්වරයා සඳහන් කළේ, උද්ඝෝෂණයේ නිරත පිරිස් මහජන පීඩාවක් සිදු වන ආකාරයෙන් කටයුතු කරන්නේ නම් ඊට එරෙහිව පොලිස් බලතල යටතේ ක්‍රියාත්මක වීමට පොලිසයට හැකියාව තිබෙන බවයි.

    පොලීසිය අධිකරණයට දැනුම් දී තිබුණේ මෙම උද්ඝෝෂණ ක්‍රියාවලියේ නිරත පිරිස් හේතුවෙන් මහජන පීඩාවක් උද්ගත වී ඇති බවයි.

    පදිකවේදිකාවේ ගමන් ගන්නා පිරිස්වලට මේ හේතුවෙන් පීඩාවක් සිදු වී ඇති බව ද පොලිසිය කරුණු දක්වා තිබිණ.එබැවින් එය වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස පොලිසිය ඉල්ලා සිටියේය.

    එම ඉල්ලීම ප්‍රතික්ෂේප කළ මහේස්ත්‍රාත්වරයා මහජන පීඩාවක් පිළිබඳ සිද්ධියක් හට ගන්නේ නම් පොලිස් බලතල ප්‍රකාරව කටයුතු කරන ලෙස පොලිසියට දැනුම් දුන්නේය.

    Latest News