'වරාය මෙහෙයුම් සම්බන්ධව සංසරණයවන වීඩියෝවේ කිසිඳු සත්‍යතාවයක් නැහැ'

අප්‍රේ 06, 2022

    කොළඹ වරායේ ජයබහලු පර්යන්තයේ සිදුවූ බහලු මෙහෙයුමක් සම්බන්ධයෙන් සමාජ මාධ්‍යයන්හි හා විද්‍යුත් මාධ්‍යහි සංසරණය වන වීඩියෝව හා සම්බන්ධ ප්‍රවෘත්තියේ කිසිඳු සත්‍යතාවයක් නොමැති බව ශ්‍රී ලංකා වරාය අධිකාරිය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

    එම වීඩියෝව ඇතුලත් බහලු මෙහෙයුම ශ්‍රී ලංකා පරමාණුක බලශක්ති නියාමන සභාවේ අනුමැතිය පරිදි විනාශ කිරීම සඳහා ඉවතලන විකිරණශීලී පුපුරණ ද්‍රව්‍ය (ගණය අංක - 07) නැවත සුරක්ෂිතව නැව්ගත කිරීම සඳහා ප්‍රවාහනය කරන අවස්ථාවකි.

    අංක 07 ඝනයේ පුපුරණ ද්‍රව්‍ය හෝ අංක 01 ගණයේ විකිරණශීලී ද්‍රව්‍ය මෙහෙයුම් කිරීම හෝ ප්‍රවාහනය කිරීමේදී, එය විශේෂ කාර්ය බලකායේ ඒ සම්බන්ධයෙන් පුහුණුව ලත් සාමාජිකයන්ගේ අධික්ෂණයෙන් යුතුව ප්‍රවාහනය හෝ මෙහෙයුම් සිදු කිරීම සාමාන්‍ය පිළිවෙත බව වරාය අධිකාරිය පවසයි. 

    Last modified on බදාදා, 06 අප්‍රේල් 2022 09:38

    Latest News