පුෂ්පිකාගේ කිරුළ ගැලවීමට එරෙහි නඩුව මැයි 30 යළි විභාගයට

අප්‍රේ 04, 2022

    ඉකුත් වසරේ විවාහක රූ රැජින කිරුල දිනූ පුෂ්පිකා ද සිල්වා මහත්මියගේ කිරුළ කලහකාරී ලෙස ගලවා ඇයට තුවාල සිදු කළේ යැයි කියන සිද්ධියකට අදාළ නඩුව මැයි මස 30 වැනිදා විභාගයට ගැනීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් චන්දිම ලියනගේ මහතා අද නියෝග කළේය.

    මෙම නඩුවේ සැකකාරියන් ලෙස විවාහක රූ රැජිනක් වන කැරොලයින් ජූරි සහ චූලා පද්මේන්ද්‍ර යන නම් කර තිබේ.

    මෙම පැමිණිල්ල සමථ මණ්ඩලය වෙත යොමු කර තිබූණද එම සමථ මණ්ඩල වාර්තාව අධිකරණය වෙත ඉදිරිපත් කරමින් කුරුඳුවත්ත පොලීසිය ප්‍රකාශ කර සිටියේ සිද්ධිය සමථයකට පත් කළ නොහැකි වූ බවයි.

    ඒ අනුව කුරුඳුවත්ත පොලිසිය විසින් කාන්තාවකට තුවාල සිදු කිරීම සම්බන්ධව මෙම සැකකාරියන් දෙදෙනාට එරෙහිව අධිකරණය හමුවේ අද චෝදනා ගොනු කළේය.

    ඉන් අනතුරුව අධිකරණය හමුවේ පෙනී සිටි සැකකාරියන්ට චෝදනා කියවා දීම ද සිදු කෙරුණා. එම චෝදනාවලට තමන් නිවැරදිකරුවන් බව සැකකාරියන් අධිකරණය හමුවේ ප්‍රකාශ කර සිටියේය. 

    ඉන් අනතුරුව නඩුව විභාගයට ගැනීමට දින නියම කළ අධිකරණය සාක්කි දීම සඳහා ලබන මැයි මස 30 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස පැමිණිලිකාරිය වන පුෂ්පිකා ද සිල්වා මහත්මියට නියම කළේය. 

    Latest News