නව අමාත්‍යවරු සිව් දෙනෙක් දිවුරුම් දෙති

අප්‍රේ 04, 2022

    පූර්ණ කැබිනට් මණ්ඩලයක් පත්වන තෙක් පාර්ලිමේන්තුවේ සහ රටේඅනෙකුත් කටයුතු නීත්‍යානුකූලව සහ ස්ථාවරව පවත්වාගෙන යාම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා විසින් අමාත්‍යවරු 04 දෙනෙකු අද (04) පෙරවරුවේ පත් කරන ලදී.

    විදේශ කටයුතු සහ මුදල් කටයුතු අමාත්‍ය ධුර සහ පාර්ලිමේන්තුව පවත්වාගෙන යාම සඳහා සභානායකවරයෙක් සහ ප්‍රධාන සංවිධායකවරයෙක් පත් කරගැනීමට අවශ්‍ය බැවින් මෙම ඇමතිවරුන්ගේ පත්කිරීම සිදුකරන ලදී.

    රටේ පවතින ජාතික අභියෝගය විසඳාගැනීම සඳහා දායකත්වය ලබාදෙන ලෙස ජනාධිපතිතුමා දැනටමත් පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලුම දේශපාලන පක්ෂවලින් ඉල්ලීමක් කර ඇත. ඔවුන් සමග ඉදිරියේ දී සාකච්ඡා කර,ස්ථිර කැබිනට් මණ්ඩලයක් පත් කිරීමට නියමිතයි.

    රටක් ලෙස මුහුණ දෙන ආර්ථික අභියෝගය ජයග්‍රහණය කරගැනීමට සහ රට ස්ථාවරව පවත්වාගෙන යාමට සමස්ත ජනතාවගේ සහාය ද ජනාධිපතිතුමා ඉල්ලා සිටි.

    කොළඹ, කොටුව ජනාධිපති මන්දිරයේ දී අද (04) පෙරවරුවේ ජනාධිපතිතුමා ඉදිරියේ දිවුරුම් දුන් අමාත්‍යවරුන්,

    1. අධ්‍යාපන -  දිනේෂ් ගුණවර්ධන මහතා (සභානායකවරයා)
    2. විදේශ කටයුතු - මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා
    3. මහාමාර්ග - ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා (ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක)
    4. මුදල් - අලි සබ්‍රි මහතා
    Last modified on සදුදා, 04 අප්‍රේල් 2022 15:41

    Latest News