පුද්ගලික මුදල් හුවමාරු සමාගමක බලපත්‍රය අත්හිටුවයි

මාර් 31, 2022

    මහජනතාවගෙන් ලැබුණු පැමිණිල්ලක් සැලකිල්ලට ගෙන ශ්‍රි ලංකා මහ බැංකුවෙහි විදේශ විනිමය දෙපාර්තුමේන්තුව විසින් ප්‍රසන්න මනි එක්ස්චේන්ජ් (පුද්ගලික) සමාගමේ මුදල් හුවමාරු කිරීමේ බලපත්‍රය අත්හිටුවා ඇති බව නිවේදනය කරයි.



    බලපත්‍රලාභී බැංකු විසින් ලබා දෙන විනිමය අනුපාතවලට වඩා ඉහළ විනිමය අනුපාතයක් ගණුදෙණු කරුවන්ට ලබා දී මගින් 2017 අංක 17 දරන විදේශ විනිමය පනත යටතේ බලයලත් මුදල් හුවමාරු කරන්නන් වෙත නිකුත් කරන ලද විධානයන් කඩ කිරීම මත මෙම තීරණය ගෙන තිබේ.

    මේ අනුව ඉහත කී සමාගමේ බලපත්‍රය අද (31) සිට ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව අත්හිටුවා ඇත.

    Prasasnna.jpg

    Last modified on බ්‍රහස්පතින්දා, 31 මාර්තු 2022 15:43

    Latest News