ශ්‍රී ලංකා කතෝලික රදගුරු සංගමයෙන් නිවේදනයක්....

මාර් 31, 2022

    රට හමුවේ ඇති අර්බුදය ජය ගැනීමට දේශපාලන න්‍යාය පත්‍ර පසෙකලා සියලු දෙනා එක්ව කල්පවත්නා ජාතික ප්‍රතිපත්තියක් සැකසීම අවශ්‍ය බව,  ශ්‍රී ලංකා කතෝලික රදගුරු සංගමය පවසනවා.

    රජය, විපක්ෂය මෙන්ම, හමුල්කාර පාර්ශවද අනුගමනය කළ යුතතේ, ගැටුම්කාරී හෝ ඒකිනෙකාට දොස් පැවරීමේ ප්‍රවේශයක් නොවන බවයි, රදගුරු සම්මේලනය නිකුත් කළ නිවේදනයේ සඳහන් වන්නේ. දේශපාලන අවශ්‍යථා මත නොව ප්‍රතිපත්ති ගරුකව රට පෙරට තබා සියලු පුරවැසියන්ට සේවය කිරීමට පාලකයින් බැඳී සිටින බැවින්, කල්පවත්නා ජාතික ප්‍රතිපත්ති සැකසීමට අවශ්‍ය යහපාලනය සඳහා වන සදාචාරාත්මක මූලධර්ම සොයා යා යුතු බවයි, නිවේදනයේ සඳහන් වන්නේ.

    අධික පිරිවැය ඉවත්කර, ඖෂධ ඇතුළු අත්‍යවශ්‍ය ආහාර සහ සේවා ජනතාවට සපයා දිය යුතු බවත්, අර්බුදයට විසඳුම් කුමන ක්ෂේත්‍රයක වුවද, විශේෂඥයින්ගෙන් ලබා ගත යුතු බවත්, ඒ් සඳහා අනෙකුත් රටවල අත්දැකීම් අනුගමනය කළ හැකි බවත් නිවේදනයේ සඳහන්. මූල්‍යමය දුෂ්කරතාවන්ගෙන් දැඩි ලෙස පීඩාවට පත්ව සිටින ජනතාවට උපකාර කිරීම සඳහා ක්‍රියා කරන ලෙසත් රදගුරු සංගමය සියලු දෙනාගෙන් ඉල්ලා සිටිනවා. රට අවශ්‍ය වන්නේ මෙම තීරණාත්මක තත්වයට පිළියම් යෙදීම සඳහා වන කඩිනම් සහ තිරසාර විසඳුමක් බවයි, ශ්‍රී ලංකා කතෝලික සංගමයේ නිවේදනයේ සඳහන් වන්නේ.

    Latest News