73 වැනි අය වැය අද පාර්ලිමේන්තුවට

මාර් 05, 2019

    නිදහසින් පසු සැකසුණු 73 වැනි අයවැය, අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරේ. මෙය වත්මන් රජයේ පස්වැනි අයවැයයි.

    අයවැය ලේඛනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලබන්නේ, මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා විසින්. ජනතාව සවිබල ගැන්වීම, දුප්පතුන් පෝෂණය කිරීම අයවැයේ ප්‍රධාන අරමුණයි. එමෙන්ම අධ්‍යාපන, සෞඛ්‍ය සහ ජීවනෝපාය අවශ්‍යතා තවදුරටත් ශක්තිමත් කිරීමද, තවත් අපේක්ෂාවක්. මෙවර අයවැය මගින් එන්ටප්‍රයිස් ශ්‍රී ලංකා වැඩසටහන තවදුරටත් පුළුල් කෙරෙනු ඇති. 2019 අයවැයේ සමස්ත රාජ්‍ය වියදම රුපියල් බිලියන 4,550ක්.

    රාජ්‍ය ආදායම රුපියල් බිලියන 2400ක් ලෙස ගණන් බලා තිබේ. ඒ අනූව, අයවැය පරතරය දළ දේශීය නිෂ්පාදිතයෙන් 4.5%ක් වනු ඇති.එය 2020 වන විට 3.5%ක් දක්වා අඩුකර ගැනීම රජයේ ඉලක්කයයි.වත්මන් රජය, 2015 සිට ක්‍රමයෙන් එම ඉලක්ක සපුරා ගනිමින් සිටී.

    2015 දී 7.6%ක් වූ අයවැය පරතරය 2018 ද‍5.3%ක් දක්වා අඩුවුණා.දශක 5කට පසු අයවැයේ ප්‍රාථමික ශේෂය 2018 වසරේ දී අතිරික්තයක් බවට ද පත්විය.

    මේ වසරේ එය තවදුරටත් වර්ධනය කර ගැනීම අරමුණයි. මෙවර අයවැය, එක්සත් ජාතික පෙරමුණ තනි ආණ්ඩුවක් ලෙස ඉදිරිපත් කරන පළමු අයවැය වීම ද විශේෂත්යක්.

    2019 වර්ෂයට අදාළ විසර්ජන පනත් කෙටුම්පත පසුගිය 5 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අතර, අද අයවැය යොජනා ඉදිරිපත් කිරීමෙන් අනතුරුව, අයවැය දෙවැනි වර කියවීමේ විවාද ආරම්භ වනු ඇති.එහි ඡන්ද විමසීම මාර්තු 12 වැනිදා පැවැත්වෙනවා. කාරක සභා අවස්ථා විවාදය මාර්තු 13 වැනි දින සිට අප්‍රේල් 4 වැනිදා පැවැත්වීමට නියමිතයි. එදින පස්වරුවේ, අවසන් ඡන්ද විමසීම සිදු කෙරෙනවා.

    Last modified on අඟහරුවාදා, 05 මාර්තු 2019 07:35

    Latest News