යහපාලන රජය සමයේ පැවරූ නඩුවලින් නිදහස් වූ නිලධාරීන් සම්බන්ධ වාර්තාව අගමැතිට

මාර් 25, 2022

    යහපාලන රජය සමයේ දේශපාලන පලි ගැනීමේ අරමුණින් රාජ්‍ය හා අර්ධ රාජ්‍ය සේවකයන්ට එරෙහිව පවරන ලද නඩුවලින් නිදොස් කොට නිදහස් වූ රාජ්‍ය නිලධාරීන්ට සහන සැලසීමට පත්කෙරුණු කමිටුවේ වාර්තාව ඊයේ අග්‍රාමාත්‍ය තුමා වෙත භාරදෙනු ලැබුවා.

    ඒ අරලියගහ මන්දිරයේ දී කමිටු වර්තාව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා වෙත භාර දෙනු ලැබුවේ එහි සභාපති විශ්‍රාමික අගවිනිසුරු අශෝක ද සිල්වා මහතා විසින්. කමිටුවේ සෙසු සාමාජිකයන් ඇතුළු පිරිසක් ද මෙම අවස්ථාවට එක්ව සිටියා.

    කමිටු වාර්තාව අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කිරීම සඳහා අවශ්‍ය කටයුතු සම්පාදනය කරන ලෙස අග්‍රාමාත්‍යතුමා නිලධාරීන්ට ඒ මොහොතේදීම උපදෙස් දුන්නා. යහපාලන රජය සමයේ දේශපාලන පළිගැනීමේ අරමුණින් රාජ්‍ය හා අර්ධ රාජ්‍ය සේවකයන්ට පවරන ලද නඩුවලින් නිදොස් කර නිදහස් වූ නිලධාරීන්ට දැරීමට සිදු වූ වියදම් මානසික හා සමාජීය වශයෙන් සිදු වූ අපහසුතාවන් සලකා බලා සුදුසු සහන සහ වන්දි ලබා දීම මෙහි පරමාර්ථයයි.

    Latest News