ජාතික වප් මඟුල් උළෙල ජනපති ප්‍රධානත්වයෙන් අද

ඔක් 29, 2018

    මහ කන්නයේ ජාතික වප් මඟුල් උත්සවය තිස්සමහාරාම සඳගිරිගොඩ වෙල්යායේ දී අද පැවැත්වෙනවා.

    ඒ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා හා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන්. මහින්ද රාජපක්ෂ මැතිතුමා අග්‍රාමාත්‍යවරයා ලෙස පත්වීමෙන් අනතුරුව සහභාගී වන පළමු නිල උත්සවය මෙයයි.

    කෘෂිකර්ම අමාත්‍යාංශය වප් මඟල් උත්සවය සංවිධාන කර ඇති අතර, මීට සමගාමීව මෙරට විහාරස්ථාන පරිශ්‍රයක ඉදි කෙරෙන පළමු ජෛව විවිධත්ව පළතුරු උද්‍යානය ද ජනාධිපතිතුමා අතින් විවෘත කිරීමට නියමිතයි. මෙරට වැවෙන විවිධ පළතුරු වර්ග 70ක් මෙහි රෝපමණය කෙරේ.

    මහ කන්නයේ ලැබෙන වර්ෂාව සමග මෙවර ඉතාමත් ඉහළ අස්වැන්නක් ලබාගැනීමට හැකියාව ඇති බවයි, කෘෂිකර්ම අමාත්‍යාංශය පවසන්නේ. රට බත බුලතින්, ධන ධාන්‍යයෙන් සපිරේවායි, අරමුණෙන් වප් මඟුල් උත්සවය උත්කර්ෂවත් අන්දමින් පැවැත්වීමට කටයුතු යොදා තිබේ. ජාතික වප් මඟුල් උත්සවය පෙරවරු 9.30 සිට ජාතික රූපවාහිනිය ඔස්සේ සජීව ලෙස විකාශය කිරීමට නියමිතයි.

    Last modified on සදුදා, 29 ඔක්තෝබර් 2018 08:26

    Latest News