බූස්ස ව්‍යාපාරිකයින්ගේ ජංගම දුරකතන වලින් තොරතරු එළියට

මාර් 03, 2019

    රත්ගම ප්‍රදේශයේ දී අතුරුදන්වූ පුද්ගලයන් දෙදෙනාගේ ජංගම දුරකථන මාතර දික්වැල්ල ප්‍රදේශයෙන් සොයා ගැනේ.

    ඒ, එම සිද්ධිය සම්බන්ධයෙන් අද සවස අත්අඩංගුවට ගත් පොලිස් කොස්තාපල්වරයෙකුගෙන් ලැබුණු තොරතුරකට අනුව. මේ අතර, අතුරුදන් පුද්ගලයන් දෙදෙනාගේ සිරුරු පුළුස්සා දැමුණු රක්‍ෂිතයේ වන නිලධාරියා ද අත් අඩංගුවට ගෙන තිබේ. ඒ, ඊට ආධාර හා අනුබල දීම සම්බන්ධයෙන්. ඔහු ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණයට හෙට ඉදිරිපත් කිරීමට නියමිතයි.

    මේ අතර සංවිධානාත්මක අපරාධකරුවෙකු ලෙස සැළකෙන බ්ලූමැන්ඩල් සංඛ නැමැත්තා තමිල්නාඩුවේදී අත්අඩංගුවට ගත් බව වාර්තාවේ. ඔවුන් අත්අඩංගුවට ගැනුණේ, තවත් පුද්ගලයන් දෙදෙනෙකු සමඟ නීති විරෝධිව තමිල්නාඩුවේ සිටියදී. ආගමන-විගමන නීති උල්ලංගණය කරමින් ඉන්දියාවේ රැඳි සිටීම ඔවුන්ට එරෙහි චෝදනාවයි. බ්ලූමැන්ඩල් සංඛට එරෙහිව පුද්ගල ඝාතන ඇතුලු අපරාධ චෝදනා රැසක් එල්ලවී තිබේ.

    මේ අතර, ඩුබායිහිදී අත්අඩංගුවට පත්වූ කංචිපානි ඉම්රාන්ගේ මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ තිදෙනෙකු වැල්ලම්පිටියේදී අද අත්අඩංගුවට ගැනුණා. ඒ, පොලිස් විශේෂ කාර්ය බලකාය මගින්. ඔවුන් සතුව තිබී කේරළ ගංජා සහ තවත් මත්ද්‍රව්‍ය සොයා ගැණින. සැකකරුවන් වැල්ලම්පිටිය පොලිසියට බාර දී තිබේ.

    Last modified on ඉරිදා, 03 මාර්තු 2019 20:17

    Latest News