කකුලුවන් ඇති කිරීමේ “ක්‍රැබ් සිටි“ ව්‍යාපෘතියක් ඇරඹේ

මාර් 03, 2019

    තංගල්ල, රැකව කලපුව ආශ්‍රිතව කකුලුවන් ඇති කිරීමේ “ක්‍රැබ් සිටි“ ව්‍යාපෘතියක් ඇරඹේ.

    කරදිය මිශ්‍රවීමෙන් පුරන් වූ කුඹුරු අක්කර 50ක ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට අපේක්‍ෂා කර තිබේ. රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතා මෙම ප්‍රදේශය අද නිරීක්‍ෂණය කළේය. ධීවර අමාත්‍යාංශය ජාතික ජල ජීවි වගා සංවර්ධන අධිකාරිය සමඟ එක්ව එය ක්‍රියාත්මක කෙරේ. රුපියල් කෝටි 160ක් ඊට වැය කිරීමට නියමිතව ඇත.

    එම භූමිය අයිති පුද්ගලයින් ආයෝජකයින් ලෙස එක්කර ගම්මානය අවට තරුණ තරුණියන් 300කට නව රැකියා බිහිකිරීමට අපේක්ෂිතයි. පරිසර හිතකාමී ව්‍යාපෘතියක් ලෙස ක්‍රියාත්මක කෙරෙන ව්‍යාපෘතිය මගින්, සංචාරක කර්මාන්තයේ වර්ධනයක් ඇති බන බවයි රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතා කියා සිටියේ. එහිදී අදහස් පළ කළ රාජ්‍ය අමාත්‍යවරයා......

    “මේ ව්‍යාපෘතිය අපි අදියර තුනකට කඩලා තමයි ව්‍යාපෘතිය ආරම්භ කලේ. මුලදි ලක්‍ෂ 350යි. දැන් ඔක්කොම එකතු වෙලා බලනකොට දැන් ලක්‍ෂ 1650ක් මේ ව්‍යාපෘතිය ඉවර වෙනකොට වැය වෙනවා. මේ ලක්‍ෂ 1650 වැය කරන්නේ අපේ ධීවර අමාත්‍යාංශයේ නැටි ආයතනය හරහා එතකොට මේවා කරන්නේ අපේ ගමේ ධීවරයා නඟා සිටුවන්න. ගමට රැකියා උත්පාදනය කරන්න. ගමේ ව්‍යාපාරිකයෝ බිහිකරන්න. මගේ අලුත් සංකල්පයක් අනුව ආර්ථික වැඩපිලිවෙල හරහා මම මේක ලංකාව පුරා අක්කර පන්දාහක් වගා කරන්න බලාපොරොත්තු“ වෙනවා යැයි රාජ්‍ය අමාත්‍යවරයා පැවසීය.

    Latest News