වතු කම්කරු වැටුප රු.1000ක් කරන්නැයි උද්ඝෝෂණ

මාර් 03, 2019

    වතු කම්කරුවන්ගේ මුලික වැටුප රු.1000 දක්වා වැඩි කරන ලෙස බලකරමින් ජනතා විමුක්ති පෙරමුණ හැටන් නගරයේ උද්ඝෝෂණයක.

    වතු කම්කරුවන්ගේ මුලික වැටුප රු.1000 දක්වා වැඩි කරන ලෙස රජයට සහ වතු සමාගම්වලට බල කරමින් ජනතා විමුක්ති පෙරමුණට අනුබද්ධ සමස්ත ලංකා වතු කම්කරු සංගමය අද (03) නගර මධ්‍යයේදි උද්ඝෝෂණ ව්‍යාපාරයක් පැවැත්විය. හැටන් තැපැල් කාර්යාලය අසලින් පෙළපාලියක් මගින් හැටන් නගර මධ්‍යයෙන් පැමිණි උද්ඝෝෂකයන් හැටන් නගරයේ ඔරලෝසු කණුව ඉදිරිපිට උද්ඝෝෂණ ව්‍යාපාරය පැවැත්විය. 

    සමස්ත ලංකා වතු කම්කරු සංගමයේ ලේකම් ජේ.එම්.ඉමරත්න මහතා රජයට අවධාරණය කර සිටියේ රජය මගින් ඉදිරිපත් කිරිමට නියමිත අය-වැයේදි නිති සම්පාදනය කර වතු කම්කරුවෙකුට රු.1000 ක දෛනික මුලික වැටුපක් ලබාදිමට කටයුතු කළ යුතු බවයි. දැනට වතු කම්කරුවන්ට වැඩි කර ඇති රු. 750 වැටුප ප්‍රමාණවත් නොවන බවත්, මුලික වැටුප රු.1000 දක්වා වැඩි කිරිමේ සටන අඛණ්ඩව පවත්වාගෙන යන බව සමස්ත ලංකා වතු කම්කරු සංගමයේ ලේකම්වරයා පැවසීය.

    මෙම උද්ඝෝෂණයට සහභාගි වු ජනතා විමුක්ති පෙරමුණේ නුවරඑලිය දිස්ත්‍රික් සංවිධායක මංජුල සුරවිර මහතා කියා සිටියේ වතු කම්කරුවන්ට රු.750 වැටුපක් ලබාදිමට වතුකරයේ දේශපාඥයන් කටයුතු කිරිමත් සමග එම දේශපාඥයන්ව ඉදිරියේදි පැවැත්වෙන මැතිවරණවලදි පලවා හැරිමට වතුකරයේ ජනතාව මේ වන විට සුදානම්ව සිටින බවයි. වතු කම්කරුවන්ගේ මුලික වැටුප රු. 1000 දක්වා වැඩි කරන තෙක් අඛණ්ඩව වතුකරය පුරා මෙවැනි උද්ඝෝෂණ දියත් කරන බව මංජුල සුරවිර මහතා වැඩි දුරටත් කියා සිටියේය.

    Latest News