ඩීසල් සහ බොරතෙල් ආනයනයට අරාබි රාජ්‍යයට දිගුකාලීක කොන්ත්‍රාත්තුවක්

මාර් 15, 2022

    මාර්තු 01වැනිදා සිට මාස අටක කාලයක් සඳහා මෙරටට ඩීසල් ආනයනය සඳහා ලියාපදිංචි සැපයුම්කරුවන්ගෙන් ලංසු කැඳවීමෙන් අනතුරුව එක් සැපයුම්කරුවෙක් තෝරාගැනීමට විශේෂ ස්ථාවර ප්‍රසම්පාදන කමිටුව තීරණය කර තිබේ.

    අදාළ කොන්ත්‍රාත්තුව එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ කොරල් එනර්ජි DMCC සමාගමට ලබාදීමට අමාත්‍ය මණ්ඩලය විසින් පත්කරන ලද විශේෂ ස්ථාවර ප්‍රසම්පාදන කමිටුව විසින් නිර්දේශ කර ඇති බව අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම්දෙන මාධ්‍ය හමුවේදී අනාවරණය වූයේය.

    අදාළ ආයතනයට කොන්ත්‍රාත්තුව ලබාදීමට බලශක්ති අමාත්‍යවරයා ඉදිරිපත්කළ යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.

    1 3

    බොර තෙල් ආනයනය කිරීම සඳහා ද 2022 ජුනි 01 සිට 2022 දෙසැම්බර් 31 දක්වා මාස 07ක කාලයක් සඳහා දීර්ඝකාලීන කොන්ත්‍රාත්තුව එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ කොරල් එනර්ජි DMCC සමාගමට ලබාදීමට අමාත්‍ය මණ්ඩලය විසින් පත්කරන ලද විශේෂ ස්ථාවර ප්‍රසම්පාදන කමිටුව විසින් නිර්දේශකර තිබේ.එම යෝජනාවටද කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිවී තිබේ.

    2 1

    Latest News