අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ 367ක් ආනයනය සීමා කෙරේ

මාර් 09, 2022

    වත්මන් ආර්ථික තත්වය නිසි ලෙස කළමනාකරණය සඳහා සීමිත කාලයකට ආනයන සීමා කිරීමට රජය තීරණය කර ඇත. මහබැංකු නිර්දේශ අනුව ක්‍රමවේද තුනක් යටතේ ආනයන සීමා ක්‍රියාත්මක කෙරේ.

    අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ 367ක් ආනයනය මෙම ආනයන සීමා කිරීමට යටත් බවයි වාර්තා වන්නේ.

    මෙලෙස ආනයනය පාලනය කළ භාණ්ඩ අතරට රූපලාවන්‍ය භාණ්ඩ, කිරි ආශ්‍රිත නිෂ්පාදන, පළතුරු, ඉලෙක්ට්‍රොනික උපාංග, පරිගණක උපාංග, ඔරලෝසු , ගෘහ භාණ්ඩ මෙන්ම සෙල්ලම් භාණ්ඩද අයත් වෙයි.

    පළමු ක්‍රමවේදය යටතේ ඇතැම් තෝරාගත් ආනයනික භාණ්ඩ සඳහා බදු පනවනු ලැබේ. දෙවැන්න යටතේ ඇතැම් භාණ්ඩ ආනයනය සඳහා බලපත්‍ර ලබාගැනීම අනිවාර්ය කෙරේ. තුන්වන ක්‍රමවේදයට අනුව ඇතැම් ආනයනික භාණ්ඩ වලට බදු හා බලපත්‍ර පැනවීමට පියවර ගැනේ.

    රටේ පවත්වනා ආර්ථික තත්වය ප්‍රශස්ත ලෙස කළමනාකරණය කරමින් වඩා යහපත් මූල්‍ය ස්ථාවරත්වයක් ඇති කිරීමට ආනයන සීමා කිරීමේ ක්‍රමෝපායන් ඉවහල් වනු ඇතැයි ආර්ථික විශේෂඥයින් විශ්වාසය පළ කර ඇත.

    ආනයන සීමා කිරීමට අදාළ ගැසට් පත්‍රය අද (09) රජය නිකුත් කර ඇත.

    Latest News