අද (05) සිට විදුලිය විසන්ධි කිරීමේ වෙනසක්...

මාර් 05, 2022

    ඉන්ධන තොග පවතින ප්‍රමාණය අනුව අද (05) සිට විදුලිය විසන්ධි කිරීමේ වෙනසක් සිදුවිය හැකි බව මහජන උපයෝගීතා කොමිෂන් සභාව පවසනවා.

    එම කොමිසම වැඩිදුරටත් කියා සිටියේ, අද සිට විදුලිය කප්පාදුව අවම කරන බවට රජය ලබාදුන් ප්‍රතිඥාව අනුව මේ පිලිබඳව අවධානය යොමුකර ඇති බවයි. කෙසේ වුවද, ඉන්ධන තොග මත පදනම්ව, අවම මට්ටමේ විදුලිය කප්පාදුවක් ඇතැම්විට සිදුවිය හැකියි. මේ අතර, F සහ E කලාප සඳහා පැය 7 ක විදුලිය කප්පාදුවක් සිදු කිරීමට මහජන උපයෝගීතා කොමිසම ලංකා විදුලිබල මණ්ඩලයට අවසර දී තිබෙනවා.

    ඒ අනුව, උදේ 08.30 සිට සවස 04.30 දක්වා පැය 04 ක කාලයක් සහ සවස 04.30 සිට රාත්‍රී 10.00 දක්වා පැය 03 ක කාලසීමාවක් එම කලාපවල විදුලිය විසන්ධි කෙරෙනු ඇති. අනෙකුත් කලාපවල විදුලිය විසන්ධි කෙරෙන්නේ, පැය 04 ක කාලයක් සඳහායි. මේ අතර, අදත් ඉන්ධන පිරවුම්හල් අසළ දිගු පෝලිම් දක්නට ලැබුණා.

    Latest News