"සඳහිරු සෑය" ප්‍රතිමා නිරාවරණය කෙරේ...

මාර් 05, 2022

    අනුරාධපුර සඳහිරු සෑය චෛත්‍යයේ අටවිසි බුද්ධ ප්‍රතිමා වහන්සේ තැන්පත් කිරීම සහ බුද්ධ මන්දිරයේ ප්‍රතිමා නිරාවරණය කිරීමේ පුණ්‍යෝත්සවය අද (05) පැවැත්වුණා.

    ඒ, ජනාධිපති ගේඨාභය රාජපක්ෂ මැතිතුමාගේ සහභාගීත්වයෙන්. මැල්සිරිපුර, නාඋයන ආරණ්‍ය සේනාසනයේ සිට අටවිසි බුද්ධ ප්‍රතිමා වහන්සේ ඊයේ පෙරහැරින් වැඩම කෙරුණා. අනතුරුව, සඳහිරු සෑ ස්ථුපය ඉදිරිපිට සලපතල මලුවේ තාවකාලිකව තැන්පත් කරනු ලැබුවා. අද උදෑසන ධාතූන් වහන්සේ තැන්පත් කළ මුද්‍රා 05 කින් යුත් බුද්ධ ප්‍රතිමා නිරාවරණය කර අභිනව බුද්ධ මන්දිරය විවෘත කෙරුණා. ඒ, අටමස්ථානාධිපති ආචාර්ය පල්ලේගම සිරිනිවාස නාහිමියන් ප්‍රධාන මහා සංඝරත්නයේ ආශිර්වාද මධ්‍යයේයි.

    HE02 900px 22 03 05

    Last modified on සෙනසුරාදා, 05 මාර්තු 2022 19:50

    Latest News