මහනුවර - ඇල්ල විශේෂ සංචාරක දුම්රියක්

මාර් 05, 2022

    මහනුවර සිට ඇල්ල දක්වා අද (05) සිට විශේෂ සංචාරක දුම්රියක් ධාවනය කිරීමට පියවර ගෙන ඇතැයි, ශ්‍රී ලංකා දුම්රිය සේවය නිවේදනය කරයි.

    මෙම දුම්රිය මහනුවර දුම්රිය ස්ථානයෙන් පෙරවරු 7.00ට ගමන් ආරම්භ කර පස්වරු 2.20ට දෙමෝදර දුම්රිය ස්ථානයට ළඟාවීමට නියමිතයි. නැවත දෙමෝදර දුම්රිය ස්ථානයෙන් පස්වරු 3.40ට ගමන් අරඹන දුම්රිය රාත්‍රී 9.35ට මහනුවරට ළඟාවීමට නියමිතව තිබේ.

    ශ්‍රී ලංකා දුම්රිය සේවය වැඩිදුරටත් සදහන් කරන්නේ, දේශීය හා විදේශීය සංචාරකයින් අරමුණුකර ගනිමින් මෙම විශේෂ දුම්රිය එක් කර ඇති බවයි.

    Latest News