පරෙවි දූපතට පිවිසීමට නව පාලමක් ඉදිකරන්නැයි, ජනපතිගෙන් උපදෙස්

මාර් 05, 2022

    මාතර වෙරළ උද්‍යානය යාබදව පිහිටා ඇති රන් දූපතට (පරෙවි දූපත) පිවිසීම සඳහා නව පාලමක් ඉදිකරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා මහාමාර්ග අමාත්‍යාංශයේ ලේකම්වරයාට උපදෙස් ලබා දී තිබේ.

    ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ, රන් දූපතට පිවිසීමට ඉදිකර තිබූ පාලම දීර්ඝ කාලයක සිට අබලන්ව පැවති අතර ඊයේ (04) පෙරවරුවේ එය කඩා වැටීමෙන් දූපතට පිවිසීමට නොහැකි තත්ත්වයක් උදාවිය. අනතුරුව, පූජ්‍ය ඕමාරේ කස්සප හිමියන් විසින් ජනාධිපතිතුමාට ඒ බව දැනුම් දී තිබේ.

    සියම් මහා නිකායෙහි රෝහණ පාර්ශ්වයේ උපෝසථාගාරය පිහිටා ඇත්තේ ද මෙම දූපතේ.

    ඉදිදකිරීම් පිළිබඳව සොයා බැලීමට රාජ්‍ය සංවර්ධන සහ නිර්මාණ නීතිගත සංස්ථාවේ නිලධාරීන් අද (05) පෙරවරුවේ එම ස්ථානයට පැමිණියේය. පාලමේ ඉදිකිරීම් මාස 06ක් ඇතුළත නිම කිරීමට අපේක්ෂා කරන බවයි මහාමාර්ග අමාත්‍යාංශයේ ලේකම් ආර්.ඩබ්ලිව්.ආර්. පේමසිරි සඳහන් කළේ.

    Latest News