කොළොන්නාව රජයේ කර්මාන්ත ශාලාවෙන් ඉහළ ආදායමක්

මාර් 02, 2022

    කොළොන්නාව රජයේ කර්මාන්ත ශාලාව මේ වන විට ලාභ ලබන තත්වයට පත්ව ඇතැයි, නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශය පවසයි.

    එහි මේ වසරේ අපේක්ෂිත අලෙවි ඉලක්කය රුපියල් මිලියන 625ක්. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපතිවරයාව සිටියදී ලබාදුන් රුපියල් මිලියන 300ක මුදලින් මෙම කර්මාන්ත ශාලාව ලාභ ලැබීම ආරම්භ කළේය.

    කොළොන්නාව රජයේ කර්මාන්ත ශාලාව ආරම්භ කෙරුණේ 1849දී. පළමුව වැඩපොළක් ලෙස ඇරඹි එය කම්හලක්, යකඩ වැඩපොළක්, මැෂින් වැඩපොළක්, ඉලෙක්ට්‍රික් වැඩපොළක් සහ යන්ත්‍රසූත්‍ර නිපදවන වැඩපොළක් බවට පරිවර්තානය විය.

    රජය වෙනුවෙන් ඇරඹූ මෙම කර්මාන්ත ශාලාව මේ වන විට රජයේ වැඩවලට ප්‍රමුඛත්වය දෙමින් පෞද්ගලික අංශයට ද සිය සේවා විවෘත කර තිබීම විශේෂත්වයක්. නිෂ්පාදන සහ සේවා ක්ෂේත්‍රවල වාර්තා තැබූ මෙම රජයේ කර්මාන්ත ශාලාව අග්නිදිග ආසියාවේ පළමු මෝටර් රථ එකලස් කරන්නා බවටද පත්විය.

    8 3 0

    7 1

    Last modified on බදාදා, 02 මාර්තු 2022 09:39

    Latest News