රාජ්‍ය නාට්‍ය උළෙලේ දිගු නාට්‍ය වේදිකා ගත කෙරේ....(වීඩියෝ)

මාර් 01, 2022
  • 2021 රාජ්‍ය නාට්‍ය උළෙලේ අවසන් වටයට තේරුණු දිගු නාට්‍ය මේ දිනවල වේදිකා ගත කෙරෙනවා.

    නාට්‍ය උළෙල පැවැත්වෙන්නේ එල්ෆිනිස්ටන්හිදී. ප්‍රනීත් චානක මුරමුදලි අධ්‍යක්‍ෂණය කළ “පිටස්තරයා“ දිගු නාට්‍ය ඊයේ වේදිකා ගත කෙරුණා. අසංක ගුරුසිංහ අධ්‍යක්‍ෂණය කළ “ප්‍රේමයේ නගරය“ දිගු නාට්‍ය අද වේදිකාගත කෙරෙනවා. රාජ්‍ය නාට්‍ය උළෙල සංවිධාන කරන්නේ, බුද්ධ ශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය හා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා කලා මණ්ඩලය සහ රාජ්‍ය නාට්‍ය උපදේශක සභාව එක්වයි. මාධ්‍ය අනුග්‍රහය දක්වන්නේ, ජාතික රූපවාහිනියයි.

    Latest News