Menubar

ඇල්ලේවල ඇල්ලට තවත් දෙදෙනෙක් බිලිවෙයි

මාර් 01, 2022

    වැල්ලවාය ඇල්ලේවල දිය ඇල්ලේ දියනෑමට ගිය කාත්තන්කුඩි ප්‍රදේශයේ පදිංචි තරුණයින් දෙදෙනකු එම දියවලේ ගිලි මියගොස් සිටියදි අද (01) දහවල් වැල්ලවාය පොලිසිය බුත්තල කොට්ඨාශ ජිවිතාරක්ෂක කණ්ඩායමේ සහයෙන් සොයා ගෙන තිබේ. 

    ඇල්ලේ දිය නෑම තහනම් කර තිබියදීත් තහනම නොතකා මෙසේ දියේ ගිලි මියගොස් ඇත්තේ කාත්තන්කුඩි මඩකලපුව පදිංචි මෙවර උසස්පෙළ විභාගයට පෙනි සිටි ශිෂ්‍යයෙකු වන අබ්දුල් හසීම් හයාම් (21) හා අඩීම් රිහාම්(22) නැමති මොරටුව විශ්ව විද්‍යාල සිසුවෙකි.

    මෙම තරුණයින් දෙදෙනා ඇතුලු හත්දෙනෙකු ගාල්ල බලා යමින් සිටින අතරතුර මෙම දිය ඇල්ල නැරඹිමට පැමිණ ඇති අතර එහිදි ඇල්ලේ දිය නෑමට ගිය තිදෙනෙකු මෙසේ අනතුරට ලක්වී තිබේ.

    එයින් එක් අයෙකුගේ දිවි ගැලවි ඇත්තේ අනුනවයෙන් වන අතර අනෙක් දෙදෙනා දියේ ගිලි මියගොස් තිබේ.

    Latest News