වෙඩි වැඳුණු ඛනිජ තෙල් සේවකයා මියයයි

ඔක් 28, 2018

    හිටපු අමාත්‍ය අර්ජුන රණතුංග මහතාගේ ආරක්‍ෂකයන්, ලංකා ඛනිජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශ භූමියේ දී සිදු කළ වෙඩි තැබීමෙන් එක් පුද්ගලයෙකු මියගොස් තිබේ.

    ඔහු, ඛනිජ තෙල් සංස්ථාවේ සේවකයෙකු වන කුරුණෑගල පදිංචි ආර්.ඊ.ඒ. රාජපක්‍ෂ මහතායි.

    අද සවස සිදු කළ වෙඩි තැබීම හේතුවෙන්, පුද්ගලයන් දෙදෙනෙකු තුවාල ලැබූ අතර, ඉන් එක් පුද්ගලයෙකු වූයේ ආර්.ඊ.ඒ. රාජපක්‍ෂ මහතායි.

    Last modified on ඉරිදා, 28 ඔක්තෝබර් 2018 20:15

    Latest News