යුක්‍රේනයේ, ලාංකිකයින්ට තොරතුරු දැනගැනීමට විශේෂ අංක 2ක්

පෙබ 25, 2022

    යුක්‍රේනයේ සිටින ශ්‍රී ලාංකිකයින්ට අවශ්‍ය තොරතුරු දැන ගැනීම සඳහා විශේෂ දුරකතන අංක 2 ක් හඳුන්වා දී ඇති බව, විදේශ අමාත්‍යංශය සඳහන් කරයි.

    යුක්‍රේනයේ සිටින ශ්‍රී ලාංකිකයින්ට අන්කාරාහි පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ, පැය 24 පුරා ක්‍රියාත්මක ක්ෂණික ඇමතුම් මධ්‍යස්ථානයක් ස්ථාපනය කර තිබේ.

    ඒ අනුව, +90 534 456 94 98 හෝ +90 312 427 10 32 යන දුරකතන අංක ඔස්සේ තානාපති කාර්යාලයෙන් තොරතුරු දැනගත හැකියි.

    විදේශ අමාත්‍යංශය සඳහන් කරන්නේ, යුක්‍රේනයේ පවතින තත්වය මත අනෙකුත් ශ්‍රී ලාංකිකයින් ආරක්ෂිතව මෙරටට එවීමේ කටයුතු සම්බන්ධීකරණය කිරීමට සුදුසු පියවර ගන්නැයි, අන්කාරාහි පිහිටි තානාපති කාර්යාලයට දැනුම් දී ඇති බවයි. 

    Latest News