නවම් පුර පසලොස්වක පෙහොය අද

පෙබ 16, 2022

    බුද්ධ ශාසනයේ වැදගත් සිදුවීම් රැසකට මුල් වූ නවම් පුර පසළොස්වක පොහොය දිනය අදයි. මේ නිමිත්තෙන් දිවයිනේ සෑම විහාරස්ථානයකම විශේෂ ආගමික වැඩසටහන් සංවිධානය කර තිබේ.

    බුදුරජාණන් වහන්සේ අගසවු දෙනම ලෙස සැරියුත් - මුගලන් මහරහතන් වහන්සේ පත්කරනු ලැබීම, වේළුවනාරාමයේදී ප්‍රථම සංඝ සම්මේලනය පැවැත්වීම, සංඝ සමාජයේ අභිවෘද්ධියට හේතු වූ ඕවාද ප්‍රාතිමෝක්ෂය දේශනා කිරීම හා බුදුන් වහන්සේ සිය ආයු සංස්කාරය අත්හැරීම අද වැනි පොහොය දිනක සිදු වී ඇතැයි ශාසන ඉතිහාසයේ සඳහන් වෙයි.

    Latest News