සිසුවියන් දෙදෙනෙක් දියේ ගිලී මරුට

පෙබ 16, 2022

    කුරුණෑගල, විල්බාව වැවේ ඊයේ (15) සවස දියනෑමට ගිය පාසල් සිසුවියන් දෙදෙනෙකු දියේ ගිලී මියගොස් තිබේ.

    කුරුණෑගල ප්‍රදේශයේ පදිංචි ඔවුන් අවුරුදු 13 සහ 14ක් වයස්වල පසුවන්නන්.සවස් කාලයේදී ගැහැණු ළමුන් සිව්දෙනෙකු විල්බාව වැවේ දිය නෑමට ගොස් ඇති අතර එහිදී ඔවුන් සිව්දෙනා දියේ ගිලෙමින් සිටින බව ප්‍රදේශවාසින් දැක ඇත.

    පසුව ප්‍රදේශවාසීන් විසින් ඔවුන් බේරාගෙන ඇති අතර අසාද්‍ය තත්ත්වයේ සිටි ළමුන් තිදෙනෙකු කුරුණෑගල රෝහල වෙත ඇතුළත් කර ඇත.එලෙස රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී දෙදෙනෙකු මියගොස් තිබේ.

    මියගිය ගැහැණු ළමුන් දෙදෙනාගේ මෘත ශරීර කුරුණෑගල රෝහලේ තැන්පත් කර ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් කුරුණෑගල පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

    Latest News