ජාතික රූපවාහිනියේ 40 වැනි සංවත්සරයට ආසියා-ශාන්තිකර විකාශන සංගමයෙන් සුබ පැතුම්

පෙබ 15, 2022
  • ජාතික රූපවාහිනිය ශ්‍රී ලංකාව තුළ පමණක් නොව අන්තර්ජාතික වශයෙන් ද ක්‍රියාකාරී වූ මෙරට ප්‍රමුඛතම මාධ්‍ය ආයතනය බව ආසියා-ශාන්තිකර විකාශන සංගමය පවසනවා.

    හතළිස් වැනි සංවත්සරය වෙනුවෙන් සුභපැතුම් එක්කරමින් ආසියා ශාන්තිකර විකාශන සංගමයේ මහ ලේකම් ආචාර්ය ජාවඩ් මොටාහි මහතා මේ බව කියා සිටියා.

    1964 ස්ථාපනය කෙරුණු ආසියා-ශාන්තිකර විකාශන සංගමය, කලාපීය රටවල් 57ක මාධ්‍ය ආයතන 280ක් හා කෝටි 300 ක ජනගහනයක් නියෝජනය කරන ආයතනයක්. ශ්‍රී ලංකාවේ 1982 වසරේ දීම එහි සාමාජිකත්වය ලබාගත්තා.

    මෙම ඒෂියා විෂන් ප්‍රවෘත්ති ජාලය තුළින් ජාතික රූපවාහිනිය ශ්‍රී ලංකාව පිළිබඳ පුවත් කලාපීය රටවල් 35කට හා අප්‍රිකානු, ආරාබි හා යුරෝපා විකාශන සංගම් වෙත බෙදා හරිනවා. ශ්‍රී ලංකාව තුළ එවැනි ශක්‍යතාවක් සහිත එකම මාධ්‍ය ආයතනය ජාතික රූපවාහිනියයි. කලාපීය සම්මාන රැසකින් පිදුම් ලැබූ ජාතික රූපවාහිනිය 2010 වසරේ ආසියා-ශාන්තිකර කලාපයේ හොඳම එසැණ පුවත් වාර්තාකරණයට හිමි සම්මානයෙන් පිදුම් ලැබුවා.

    Last modified on අඟහරුවාදා, 15 පෙබරවාරි 2022 19:41

    Latest News