ගංගාරාම නවම් මහා පෙරහර අද

පෙබ 15, 2022

    කොළඹ ගංගාරාම විහාරස්ථානයේ නවම් මහා පෙරහර 43 වැනි වරට අද දින (15) රාත්‍රී 7.00ට පැවැත්වෙන සුබ මොහොතින් වීදි සංචාරය ආරම්භ කෙරේ.

    ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා හෙට (16) මංගල හස්ති රාජයා මස්තකයේ සධාතුක කරඬුව තැන්පත් කිරීමට නියමිතයි.

    අලි ඇතුන් 12 දෙනකු, නර්ථන අංග විශාල සංඛ්‍යාවක් ඇතුළු විවිධ සංස්කෘතිකාංග රැසක් සහිතව පැවැත්වෙන මේ පෙරහර සියලු ජාතීන් සහ ආගමිකයන් අතර ඉමහත් ප්‍රසාදයක් දිනාගෙන ඇති.

    පෙරහර ජිනරතන පාර, හුනුපිටිය වැව පාර, ඩබ්ලිව්. ඒ. ඩී. රාමනායක පාර, සර් ජේම්ස් පීරිස් මාවත හරහා පැමිණ නවලෝක රෝහල අසලින් හැරී මුත්තයියා පාර, ජිනරතන පාර හරහා ගංගාරාම විහාරස්ථානයට ගෙවදී.

    ගංගාරාම නවම් මහා පෙරහර කොළඹ නගරයේ පවත්වන එකම පෙරහර වන බැවින් දේශීය සහ විදේශීය නරඹන්නන්ගේ විශේෂ අවදානයට ලක් වී ඇති. පෙරහර දින දර්ශනය අනුව ලංකාවේ ප්‍රථම වරට පැවැත්වෙන පෙරහර නවම් මහා පෙරහරයි.

    මෙවර එය 43 වැනි වතාවටත් අත්‍යාලංකාර අයුරින් සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදවලට අනුගතව පවත්වන බව විහාරස්ථානයේ ප්‍රකාශකයකු දිනමිණට පැවැසීය.

    Latest News