ගංගාරාම නවම් පෙරහර 15 සහ 16

පෙබ 10, 2022

    ලෝකවාසීන්ට සෙත්පතා 43 වැනි වරටත් පවත්වනු ලබන කොළඹ ගංගාරාම විහාරයේ නවම් මහා පෙරහර මේ මස 15 සහ 16 දා චාරිත්‍රානුකූලව පැවැත්වීමට සියලු කටයුතු සංවිධාන කර ඇති බව සංවිධායක මණ්ඩලය වෙනුවෙන් ආචාර්ය කිරින්දේ අස්සජි හිමියෝ පවසති.

    අලි ඇතුන් විශාල සංඛ්‍යාවක් සහිතව පැවැත්වෙන මේ පෙරහර කොළඹ නගරයේ පවත්වන එකම පෙරහර බැවින් දේශීය සහ විදේශීය නරඹන්නන්ගේ විශේෂ අවදානයට ලක් වී ඇත.

    පෙරහර දින දර්ශනය අනුව ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට පැවැත්වෙන පෙරහර නවම් මහා පෙරහරයි.

    Latest News