ගම්පහට පැය 14ක ජල කප්පාදුවක්

පෙබ 09, 2022

    කටුනායක සහ ඒකය ඇතුළු ප්‍රදේශ කිහිපයකට අද (09) පස්වරු 4.00 සිට හෙට පෙරවරු 6.00 දක්වා පැය 14ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.

    ඒ අනූව, ඒකල,කොටුගොඩ,උදම්මිට,රජ මාවත,මීගමු පාර, වහටියාගම,දලතුර,කටුනායක, සීදුව, කටුනායක ගුවන් හමුදා කඳවුර, කටුනායක නිදහස් වෙළෙඳ කලාපය සහ කටාන දකුණ යන ප්‍රදේශවලට අදාළ කාලය තුළ ජල සැපයුම අත්හිටුවනු ඇති.

    එමෙන්ම, මිනුවන්ගොඩ හා උඩුගම්පොළ ප්‍රදේශයේ කොටසකට ද එම කාලය තුළ ජල සැපයුම අත්හිටුවනු ඇති.

    ජාඇල මාර්ගයේ ජල නල පද්ධතියේ අලුත්වැඩිය කටයුත්තක් හේතුවෙන් මෙලෙස ජල සැපයුම අත්හිටුවනු ඇති බවයි, ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසන්නේ.

    Last modified on බදාදා, 09 පෙබරවාරි 2022 08:47

    Latest News