අර්ජුනගේ ආරක්ෂක වෙඩි තැබිමෙන් 02කට තුවාල

ඔක් 28, 2018

    හිටපු ඇමති අර්ජුන රණතුංග මහතා ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍යංශට ඇතුලත්විමට ගිය අවස්ථාවේ ඇමති ආරක්ෂකයින් කළ වෙඩි තැබිමකින් පුද්ගලයින් දෙදෙනෙකුට වෙඩි වැදි තිබේ.

    අර්ජුන රණතුංග මහතා ලේඛණ වගයක් රැගෙන යාමට යැයි පවසමින් අමාත්‍යංශ භූමියට ඇතුළත් විමේදි සේවකයන් ඊට විරෝධය පළ කෙරිණ. ඒ අනුවයි උණුසුම් තත්වය ඇතිවි ඇත්තේ.

    සිද්ධියෙන් තුවාල ලැබු දෙදෙනා ජාතික රෝහලේ හදිසි අනතුරු අංශයට ඇතුලත් කර තිබේ.

    අර්ජුන රණතුංග මහතාව අමාත්‍යංශ සේවකයින් ගොඩනැගිල්ල තුළ රදවාගෙන ඇතැයි වර්තාවේ.වෙඩි තැබු ඇමති ආරක්ෂක අංශයේ නිළධාරියව පොලිස් අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පවසයි.

    Latest News