19 එරෙහි වංචනිකයින් සහ දූෂිතයින් - පා. ම. මුජිබර් (වීඩියෝ)

පෙබ 28, 2019

    19 වන සංශෝධනය මගින් ස්වාධීන කර ඇති ව්‍යවස්ථාදායක සභාව ඇතුළු කොමිෂන් සභා අඛණ්ඩව ආරක්‍ෂා කර ගතයුතු බව, පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා අවධාරණය කරයි.

    සිරිකොත පක්‍ෂ මූලස්ථානයේ අද පැවති මාධ්‍ය හමුවකදී ඔහු ප්‍රකාශ කළේ, ඇතැම් පිරිස් 19 වැනි සංශෝධනය පිළිබඳ වැරදි මත පතුරවමින් සිටින බවයි.
    එහිදී අදහස් දැක්වූ මුජිබර් රහුමාන් මහතා....

    “ව්‍යවස්ථා සභාවේ රෙදි ගලවන්න ඕනේ කියලා කතා කළ උදවිය අපි අරගෙන බැලුවම ඔවුන් මේ පහුගිය කාලේ මේ රටේ නොයෙකුත්, වංචා, දූෂණවලට සම්බන්ධ වෙච්ච පිරිස් තමයි මේ යෝජනාවල් ගෙනාවේ. අද වෙනකොට මේකේ ඉන්න චූදිතයන්ට නඩු කිහිපයක් පවරලා තියෙනවා. දැන් නඩු අහගෙන යනවා. දැන් මේගොල්ලෝ ගහන්න පටන් අරගෙන තියෙනවා කාටද නඩු අහන තැනටයි, නඩු දාන තැනටයි.

    එතකොට මේ සැලැස්ම උඩ ඉඳගෙන තමයි මේ රටේ නීතිය, ආධිපත්‍යය විනාශ කරන්න, අධිකරණය විනාශ කරන්න, මේ කතාකරන්නේ. මේ කතාකරන උදවිය කවුද කියලා දන්නවා. ජනතාවගේ මුදල් අවභාවිතා කරපු ඒ වගේ සිය ගණන් චෝදනා තියෙන අය තමයි අද අධිකරණයේ ස්වාධීනත්වය ගැන කතා කරන්නේ. අද නීතිපති දෙපාර්තමේන්තුවේ ස්වාධිපත්‍ය ගැන කතා කරන්නේ.

    ඒත් අද වෙනකොට 19 වැනි සංශෝධනය හරහා අපි අද ඇති කරලා තියෙන ඒ වෙනස හරහා ඒ ගොල්ලන්ට අවශ්‍ය දේවල් අද වෙන්නේ නැහැ. ඒ ගොල්ලන්ට උවමනා තීන්දු අද ලැබෙන්නේ නැහැ. ඒ ගොල්ලන්ට අවශ්‍ය පුද්ගලයන්ව පත් කරන්න අද බැරිවෙලා තියෙනවා. අපි ජනතාවගේ පැත්තේ ඉදන් කියනවා 19 වැනි සංශෝධනය කියන්නේ මේ රටේ ඒකාධිපති, ජනාධිපතිවරයෙකුට තිබුණු අසීමිත බලතල නැවත මේ රටේ සමාජයට ජනතාවගේ පරමාධිපත්‍යයට අපි ඒක යටත් කරලා තියෙනවා. ඒ නිසා අද ඒ සංවිධාන අද ස්වාධීනව වැඩ කරන්න පුලුවන් පරිසරයක් අද ගොඩනැගිලා තියෙනවා. පරිසරය නැවත විනාශ කරන්න දෙන්න එපා“ යැයි මුජිබර් රහුමාන් මහතා පැවසීය.

    Last modified on සිකුරාදා, 01 මාර්තු 2019 11:12

    Latest News