නොළුවගලට අලි කරදර

ජන 28, 2022

    වැල්ලවාය,නොළුවගල ප්‍රදේශයේ වන අලි තර්ජනය උග්‍ර වී ඇතැයි අප වාර්තාකරු පවසයි. කුඹුරු සහ වගාවන් වන අලින් විසින් විනාශ කර තිබේ.

    දිනපතා මෙලෙස වන අලි ගම්වදින අතර එක් රංචුවක වන අලින් 20කට ආසන්න ප්‍රමාණයක් සිටින බවයි ප්‍රදේශවාසීන් පවසන්නේ.

    වසර ගණනාවක සිට මෙම වන අලි ගැටලුව පවතින අතර ඊට විසඳුම් ලබා දෙන ලෙස ප්‍රදේශවාසීන් බලධාරීන්ගෙන් ඉල්ලා සිටියි.

    Latest News