අඩි 45ක ප්‍රපාතයට පෙරලුන බස්රථයේ පුද්ගලයෙක් මරුට

ජන 28, 2022

    හැටන් - දික්ඔය, බරවල මාර්ගයේ දී බස් රථයක් ප්‍රපාතයකට පෙරලීමෙන් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත් විය.

    අනතුරු සිදුවුණේ අද උදෑසනයි. ඇගලුම් කර්මාන්ත ශාලාවකට සේවකයින් රැගෙන යමින් සිටියදී බස් රථය අඩි 45ක පමණ ප්‍රපාතයකට පෙරළී තිබේ.

    සිද්ධියෙන් පුද්ගලයින් 16 දෙනෙකු පමණ තුවාල ලැබීය. ඔවුන් දික්ඔය - රෝහලට ඇතුළත් කෙරිණ. 

    Latest News