කෘත්‍යාධිකාරි මණ්ඩල රැස්වීම සිරිකොතදී

පෙබ 27, 2019

    එක්සත් ජාතික පක්‍ෂයේ කෘත්‍යාධිකාරී මණඩලය අද රැස්වුණා.

    ඒ සිරිකොත පක්‍ෂ මූලස්ථානයේදී. රැස්වීම පැවැත්වුණේ පක්‍ෂයේ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන්. එහිදී අදහස් දැක්වූ අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා...
    සිරිකොත ගමට ගෙනයමු වැඩසටහන යටතේ සාමාජිකයන් බඳවා ගැනීමේ වැඩපිළිවෙළක් මාර්තු 10 දවස පුරා කලුතර දිස්ත්‍රික්කයේ තියන්න අපි තීරණය කරලා තියෙනවා. ඒ වගේම රන්ජන් රාමනායක මහතා විසින් විශේෂ ප්‍රකාශයක් කළා. එතුමා චෝදනා කරන ලද්දේ විපක්‍ෂයේ ඉන්නා මන්ත්‍රීවරුන්ට සහ ඇමතිවරුන්ට කියලා. එතුමාට නම් වශයෙන් වුණත් කියන්න පුලුවන්. මාධ්‍ය විසින් ඒවා වෙනත් ආකාරයට හුවා දක්වලා තිබුණට ඇත්ත වශයෙන්ම එක්සත් ජාතික පක්‍ෂයේ අය නොවන බවට එතුමා ප්‍රකාශ කළ බව ඔහු සඳහන් කළේය.
    අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා....
    එක්සත් ජාතික පක්‍ෂයේ ඉදිරි සංවර්ධන වැඩ කටයුතු, කොහොමද කරන්නාවු සංවර්ධන කටයුතු පිලිබඳව ජනතාව දැනුවත් කරන්න කරුණු කාරනා ගැන තමයි සාකච්ජා කළේ. සංවර්ධනය විශේෂ දෙයක් එයට තමයි කෘත්‍යාධිකාරි මණ්ඩලය රැස්වුණේ, රටේ සංවර්ධනය ගැන තමයි සාකච්ජා කළේ. මගේ තාත්තට කිව්වනේ ඩෙන්සිල් කොබ්බෑකඩුව මැරුවා, විජය විමලරත්න මැරුවා මැරුවේ හැමදෙනාම මැරුවේ රණසිංහ ප්‍රේමදාස කිව්වා. අවසානයේ සත්‍ය ජයගත්තා

    Last modified on බ්‍රහස්පතින්දා, 28 පෙබරවාරි 2019 10:11

    Latest News